නවතම පුවත්

රජයේ කොවිඩ් පාලන ප්‍රතිපත්ති ගැන ඔක්ස්ෆර්ඩ් දර්ශකයේ ලංකාවට ලකුණු අඩුවෙයි

අසංක

අසංක

COVID-19 වසංගතය පාලනය වෙනුවෙන් රජයේ ප්‍රතිචාර ලුහුබැඳීමේ ඔක්ස්ෆර්ඩ් දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ සංචරණ සීමා ක්‍රියාත්මක සම්බන්ධයෙන් වන ලකුණු මට්ටම අනතුරුදායක බව පෙන්නුම් කෙරෙන පරිදි පහළ බැස තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය විසින් පසුුගිය දා (11) නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ, ඔක්ස්ෆර්ඩ් ‘දැඩි දර්ශකය’ තුළ සංචලනය සඳහා ඉතා ඵලදායී සීමා කිරීම් පිළිබඳව මැයි මාසයේදී 85% ක් තිබූ නමුත් ජූලි මාසයේදී 49% ක් සහ මේ සතිය වන විට 29% ක් එනම් අනතුරුදායක ලෙස පහල මට්ටමේ සංචලන සීමා කර ඇති බවට නිගමනය කර ඇති බවයි.

කොවිඩ් වසංගතය හමුවේ ජනතාවගේ සංචලනය සීමා කිරීම ඇතුළුව ඔක්ස්ෆර්ඩ් දැඩි දර්ශකයේ කරුණු ගණනාවක් යටතේ රජයේ කොවිඩ් පාලන ප්‍රතිපත්තීන් පිළිබද අධීක්ෂණය කරනු ලබයි.

ඒ අනුව පසුගිය අගෝස්තු 8 වැනිදා අවසන් වරට එහි සමස්ත ප්‍රථිඵලය නිකුත් කර ඇති අනුව එමගින් ශ්‍රී ලංකාවට 81.48%ක් හිමිවී ඇත.

 

COVID-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් ඒ ඒ රටවල රජයන් විවිධ වූ පියවර ගනිමින් සිටී. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ බ්ලැවැට්නික් රජයේ පාසල, ඒකාබද්ධව මෙම ඔක්ස්ෆර්ඩ් කොරෝනා වයිරස් පාලනය සඳහා රජයේ ප්‍රතිචාර ලුහුබැඳීමේ (OxCGRT) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. මෙය ඔක්ස්ෆර්ඩ් ‘දැඩි දර්ශකය’ ලෙසත් හැඳින්වේ.

මේ මඟින් ලොව පුරා රටවල රජයන් කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති, දක්වන ප්‍රතිචාර දැඩි ලෙස හා ස්ථාවරව නිරීක්ෂණය කිරීම ආදිය සංසන්දනය කිරීම අරමුණු කෙරේ. වසා දැමීමේ ප්‍රතිපත්ති (දර්ශක C1-C8), ආර්ථික ප්‍රතිපත්ති (දර්ශක E1-E4), සෞඛ්‍ය පද්ධති ප්‍රතිපත්ති (දර්ශක H1-H8) ආදි වර්ගීකරණයන්ට එහි සළකා බැලෙන නිර්නායක යටත් වන අතර එන්නත් ප්‍රතිපත්ති (V1-V දර්ශක) ද වෙනම ඇගයීමට ලක්කෙරේ.

රටවල් 180 කට වැඩි සංඛ්‍යාවක් ආවරණය වන මෙමගින් 2020 ජනවාරි 1 දා සිට නිරීක්ෂණය කෙරේ. සතිපතා මෙහි ප්‍රතිඵල ප්‍රකාශයට පත්කෙරෙන අතර එම සතිය තුළ රජයන් ගත් පියවර මෙහිදී සළකා බලනු ලබයි.

පාසල් වැසීම, සංචාරක සීමා කිරීම්, එන්නත් ප්‍රතිපත්ති වැනි දර්ශකයන් 23 ක් යටතේ මෙය වර්ගීකරණය කෙරේ. ඒ ඒ දර්ශකය සඳහා ගත් පියවර අනුව ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක ය. 0-100 දක්වා සම්පූර්ණ ලකුණු ලබාදෙනු ඇත. රජයේ ක්‍රියාකාරිත්වයේ තරම පිළිබිඹු කිරීම සඳහා මෙම ප්‍රතිපත්ති පරිමාණයෙන් ලකුණු සටහන් වේ. වසංගතයට එරෙහිව සටන් කිරීමේ උත්සාහයන්ට ආධාර කරමින් තීරණ ගන්නා අයට සහ පුරවැසියන්ට රජයේ ප්‍රතිචාර ස්ථාවර ආකාරයකින් අවබෝධ කර ගැනීමට මෙම දත්ත උපකාරී වේ.

පාසල් වැසීම, සේවා ස්ථානය වසා දැමීම, පොදු අවස්ථා අවලංගු කිරීම, පුද්ගලයින් 10 ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් රැස්වීම සීමා කිරීම, පොදු ප්‍රවාහන සේවය වසා දැමීම, නිවසේ රැඳී සිටිමේ අවශ්‍යතාව, අභ්යන්තර සංචලනය සීමා කිරීම, අභ්යන්තර සංචලනය සීමා කිරීම, ජාත්‍යන්තර සංචාරක පාලනය, ආදායම් සහාය, ණය/කොන්ත්‍රාත් සහනය, රාජ්ය මූල්ය පියවර, ජාත්‍යන්තර සහයෝගය, මහජන තොරතුරු ව්‍යාපාර, පරීක්ෂණ ප්රතිපත්තිය, සම්බන්ධතා සොයා ගැනීම, සෞඛ්‍ය සේවා සඳහා හදිසි ආයෝඡනය, එන්නත් සඳහා ආයෝඡනයමුහුණු ආවරණ, එන්නත් කිරීමේ ප්රතිපත්තිය, වැඩිහිටි පුද්ගලයින් ආරක්ෂා කිරීම යන කරුණු සම්බන්ධයෙන් ඒ ඒ රජයන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සළකා බලා මෙම වර්ග කිරීම හා ලකුණු පටිපාටිය කරනු ලබයි.

our world in data ගෝලීය කොවිඩ් දත්ත විශ්ලේෂණ ව්‍යාපෘතිය මගින් ද මෙම දර්ශකය පෙන්වා දෙන්නේ මෙලෙසයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්