රජයේ නියෝග පිළිගන්නෙ නැද්ද? – ජනපති කාර්‍යාලයට කියන්න

Picture of අසංක

අසංක

රටේ පවතින තත්ත්වය පදනම් කර ගනිමින් රජය දුන් නියෝග ක්‍රියාත්මක නොවන ස්ථාන පිළිබඳ ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මක වේ.

රජය ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව හෝ පැමිණිලි දුරකථන අංක
011-2354550 / 0112354655 ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.

එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධවිය නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ ඝෘජු දුරකථන අංක,

0112354354 අමතා – දිගු අංක 3872/ 3873/ 3874/ 3875 ඔස්සේ සම්බන්ධ විය හැක.

කපිල ගුණසිංහ, අධ්‍යක්ෂ, මහජන සම්බන්ධතා අංශය දුරකථන අංක (077-3743718) අංකයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැක.

කොරෝනා වෛරසය පැතිරයාම ආශ්‍රිත දැනුම්දීම් සඳහා දුරකථන අංක
0112860003 / 0112860004 විවෘතව තැබේ.

0112354354 අමතා දිගු අංක 3355 ඔස්සේ ද එම තොරතුරු ඉදිරිපත් කළ හැක.

ජනතාව ලබාදෙන තොරතුරු අදාළ අංශ වෙත කඩිනමින් යොමු කිරීමට පියවර ගැනේ.

ජනපතිගේ නියෝග හා උපදෙස් ක්‍රියාත්මක නොවීම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ද සිදු කෙරේ.