රජයේ සේවකයින්ට කොළඹ ප්‍රදේශයෙන් නිල නිවාස 400ක් ලබාදීමට රජය සැලසුම් කර ඇත
මේ වන විට රජයේ සේවකයින් 700ක් පමණ පොරොත්තු ලේඛනගතව නිල නිවාස අපේක්ෂාවෙන් සිටීන අතර . එම කරුණු සැලකිල්ලට ගෙන ප්‍රථම අදියර වශයෙන් එම අක්කර 12ක භූමියේ අක්කර 02ක රජයේ සේවකයින් සඳහා නිල නිවාස 400ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
යෝජිත ව්‍යාපෘතිය යටතේ දැනට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කෙරෙමින් පවතින මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමවලින් නිවාස 100ක් ද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත පවරා දෙනු ඇත. ඒ අනුව, ඉතිරි වන අක්කර 10ක භූමි ප්‍රමාණය සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දෙනු ඇත. යෝජිත පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.