නවතම පුවත්

රජය මෙවර අයවැයෙන් සිදුකර ඇත්තේ බහුජාතික දුම්කොළ සමාගම් පොහොසත් කිරීමයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙවර අයවැයෙන්  දුම්කොළ  බදු වැඩිකර ඇති ආකාරය ,  අතිශයින්ම  රටට අවාසිදායක,බවත් ඒ හරහා සිදුවන්නේ  බහුජාතික දුම්කොළ සමාගම් පොහොසත්වීම පමණක් වන  බවත්  මධ්‍යසාර හා මත්ද්‍රවය තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) අධ්‍යක්‍ෂ සම්පත් ද සේරම් මහතා ප්‍රකාශ කර සිටී .

මෙම බදු ක්‍රමය , ලොව දියුණු  රටවල් කිසිවසේත් අනුගමනය නොකරන  වැරදි තීරණයක් බවද ADIC ආයතනයේ මූල්‍ය හා පරිපාලන අධ්‍යක්‍ෂ  සේරම්  මහතා ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

 2022 අයවැය තුළින් සිගරට් එකක මිල රුපියල් 5කින් ඉහල දැමූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා  ප්‍රකාශ කරනු ලැබීය. එම වැඩිකිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ වැඩි වශයයන් අලේවිවන සිගරට් එකක මිල රුපියල් 5කින් වැඩි විය. ඉන් රජය බදු ලෙස  අයකරයගන ඇත්තේ රුපියල්  3.50 පමණි. ඉතිරි රුපියල් 1.50 බ්‍රිතාන්‍යය  ඇමරිකානු දුම්කොළ  සමාගමට (BAT) ප්‍රදානය කර ඇත

මෙලෙස සිගරට් එකකින් සමාගමට රුපියල් 1.50 ප්‍රදානය කිරීම නිසා ආසන්න වශයෙන්  සිගරට් සමාගම අබාන  ලාභය 2022 වසයේ රුපියල් බිලියන 2.4 කින් වැඩි වෙනු ඇත . ආණ්ඩුව විසින් දුම්කොළ  සමාගමට (BAT) අයත් බහුජාතික සමාගමට ප්‍රදානය කරනු ලැබූ බිලියන 2.4 කි    එය  රජයට බදු යලස අයකරගත්‍ හැකිව තිබූ ආදායමකි.

තවද  වසර 3කින් වැඩි නොවු සිගරට් බදු වැඩිවිය යුතුව තිබුනේ  රුපියල් 3.50කින් නොව . අවම  වශයයන් බදු රුපියල් 10කින් හෝ ඊට වඩා වැඩි අගයකිනි. අවම වශයයන් රුපියල් 10කින් සිගරට් බදු වැඩි වූවානම්  රජයට ලබා ගත්‍ හැකිව තිබූ බදු ආදායම රුපියල් බිලියන 23කි. ලංකා දුමකාළ සමාගම (CTC) යනු කොටස් අයිතියයන් 84% බ්‍රිත්‍ානය ඇමරිකානු දුම්කොළ  සමාගමට (BAT) අයත් බහුජාතික සමාගමකි.

එම නිසා රජයක් විසින් කළ යුත්තේ  රටේ මුදල්  පිටතට  රැගේන යන මෙවැනි  සමාගම්වල භාණ්ඩඩවලට උපරිම බදු මුදල් පනවා රටින් පිටත්‍ට ඇදී යන ධනස්කන්ධය රට තුළ කෙසේ හෝ  රඳවා ගැනීමට නිවැරදි බදු ප්‍රතිපත්තියක් සකස් කිරීමයි. එසේ  නොකොට  බහුජාතික සමාගමකට වාසි සැලසෙන  තීරණ ගැනීම අතිශයින්ම සැකයට තුඩු දෙන කරුණකි . වියශ්ෂයයන්ම රටට මුදල් අවශය මොහොතක මෙවැනි තීරණ ගැනීම ඉතාමත් සැකසහිතය .

වසර 3කින් සිගරට් බදු වැඩි වී නොමැති අවස්ථාවක දිගින්  අඩු  සිගරට්වල බදු ප්‍රමාණය, අවසානයට තිබූ බදු ප්‍රමාණයයන් 49%කින් මෙවර  අයවැයේන් අඩු කර ඇත . ඒ අනුව රුපියල් 20ට අයලවි කළ සිගරට් එකක  මිල රුපියල් 10 දක්වා අු වී ඇත්. එමගින් පාසල් සහ කුඩා දරුවන් සිගරට්වලට යයාමු වීමට ප්‍රබල ලෙස බලපානු ඇත .
අඩු  ආදායමලාභීන් සහ කුඩා දරුවන් අඩු මිල සිගරට් තුළින් ග්‍රහණය කර ගැනීම  දුම්අකොළ සමාගම අනුගමනය කරන කූඨ උපායකි. එවැනි කූඨ උපායන්ට සහයයෝගය දෙන බදු ප්‍රතිපත්තියක් රට තුල ක්‍රියාත්මකවීම පුදුම සහගතය .

May be an image of 3 people, people sitting, people standing and indoor

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්