රට පුරා තාක්ෂණික උද්‍යාන 5ක් ඉදිකිරීමට රජය පියවර ගෙන තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක ය.
රට වඩා තාක්ෂණික උද්‍යාන 5 ක් ඉදිකිරීම පිළිබඳව සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් හා තාක්ෂණීක කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පවත්වා තිබේ.
තරුණ ප්‍රජාව තුළ තාක්ෂණික දැනුම, කුසලතා වර්ධනය කිරීම සහ ගෝලීය තාක්ෂණික දියුණුව සමඟ යාවත්කාලීනව තබා ගැනීම මෙම තාක්ෂණික උද්‍යාන ඉදිකිරීමේ අරමුණයි.