නවතම පුවත්

රටම අඳුරුවුනේ “අකුණක්” නිසාද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ මෙවැනිම ආකාරයේ විදුලි බිඳවැටීම් තුනක් මෙයට පෙර වර්ෂ තුනකදීද සිදුව ඇතත් ඒ සෑම අවස්ථාවකදීම මෙවැනි බිඳවැටීම් වැළැක්වීමට මහජන උපයෝගීතා කොමිසම ඇතුළු ආයතන දුන් නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මකවී ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය.

එම නිර්දේශ ක්‍රියාත්මක වූයේ නම් රට පුරා විදුලි බිඳවැටීමක්  සිදු නොවනු ඇති බව විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති පවසයි.

මෙවැනිම ආකාරයේ විදුලි බිඳ වැටීමක් මුල් වරට 2016 මාර්තු මාසයේදී සිදුව ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

මේ අතර 2020 අගෝස්තු 17 වැනිදා කෙරවලපිටියේ සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පැය හයකට අධික කාලයක් රටටම විදුලි විසන්ධි වූ බව පවසන එම ආරංචි මාර්ග 2021 දෙසැම්බර් මස 3 වැනිදා කොත්මලේ සහ බියගම විදුලි පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදුලිය සැපයුම බිඳ වැටුණු බව සඳහන් කළේය.

රට පුරා ඊයේ සිදු වූ විදුලි බිඳවැටීමට හේතුව කොත්මලේ සිට බියගම දක්වා කොත්මලියේ දෙසට වන්නට අකුණු සැරක් වැදීමක් බව දැනට පවතින දත්ත අනුව පෙනීයන්නේ යැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්