නවතම පුවත්

රටම පාවාදුන් ජීනිවා යෝජනාවලියෙන් රජය ඉවත් වෙනවා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රටම පාවාදුන් ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමට අදාළ කටයුතු සිදුවෙමින් තිබෙන බවත්, මේ පිළිබඳව ඊයේ (17දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

2015 හා 2016  වසරවල මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කර තිබෙන යෝජනාවල 30 හා 31 වැනි යෝජනා දෙක කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවද එම පක්ෂයේ මහලේකම් නීතීඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව මෙම යෝජනා දෙකම හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කැමැත්ත පළ කළ බවත්, එම අවස්ථාවේදී මෙය පිළිනොගන්නා ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසූ බවත් මහලේකම්වරයා කියා සිටියේය.

මෙම වාර්තාවට අනුව අද වන විට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රශ්නයක් පැමිණි බවත්, ඇමෙරිකාව මානව හිමිකම් පිළිබඳව සුදනෙක් වීමට කටයුතු කළත් හමුදාපතිට කිසිදු සාක්ෂියක් නොමැති චෝදනා එල්ල කර තිබෙන බවත් අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්