නවතම පුවත්

රටවල් රැසකින් , ඊශ්‍රායලයට විරෝධය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින පලස්තීනුවන් තවදුරටත් පීඩාවට පත් කරමින් ඊයේ (31) රාත්‍රියේ උතුරු ගාසා තීරයේ පිහිටි ජබාලියා සරණාගත කඳවුරට ගුවන් ප්‍රහාරයක් එල්ල විය.

ඉන් පලස්තීන ජාතිකයන් 50ක් පමණ මිය ගොස් තවත් 150ක් තුවාල ලබා ඇති බව හමාස් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

කෙසේ වුව ද ජබාලියා කඳවුර අසල පිහිටි රෝහලක් පවසා ඇත්තේ, තුවාලකරුවන් 400ක් සහ මරණකරුවන් 120ක් පමණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ජබාලියා සරණාගත කඳවුර සැලකෙන්නේ, ගාසා තීරයේ පිහිටුවා ඇති සරණාගත කඳවුරු 08 අතරින් විශාලතම කඳවුර ලෙසයි.

වර්ග කිලෝමීටර 1.4ක පමණ වපසරියක පිහිටා ඇති කඳවුරෙහි 2023 ජූලි මාසය වනවිට ලියාපදිංචි වී සිටි පලස්තීන සරණාගතයන් සංඛ්‍යාව ලක්ෂයකට අධිකය.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ, ජබාලියා සරණාගත කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් හමාස් සංවිධානයේ ප්‍රධාන පෙළේ සන්නද්ධ නායකයෙකු වූ ඊබ්‍රාහිම් බියාරි ජීවිතක්ෂයට පත් වූ බවයි.

ජබාලියා කඳවුරට එල්ල වූ ප්‍රහාරයත් සමඟ උමං මාර්ගයක් කඩා වැටීමෙන් හමාස් සන්නද්ධ සාමාජිකයන් රැසක් ද මිය ගිය බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේය.

මෙම ප්‍රහාරයේ දී සිවිල් වැසියන් මිය යාමේ වාර්තා පිළිබඳ සොයා බලන බව ද ඊශ්‍රායල හමුදාව කියා සිටියත් ජබාලියා සරණාගත කඳවුරේ සිද්ධිය ඊශ්‍රායලයට සහ පොදුවේ යුදෙව් ජනතාවට ලොව පුරා විරෝධය එල්ල වීමට හේතු විය හැකි බව සඳහන්ය.

ජබාලියා සරණාගත කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් සන්නද්ධ නායකයෙකු මිය ගිය බවට ඊශ්‍රායලය කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන හමාස් සංවිධානය කියා සිටින්නේ, ඊශ්‍රායලය සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර සාධාරණීකරණය කිරීමට මෙවැනි ප්‍රකාශ සිදු කරන බවයි.

ගාසා තීරයේ ඊශ්‍රායල ගොබඩිම් මෙහෙයුමේ දී හමාස් සන්නද්ධ කණ්ඩායම් භාවිත කරන භූගත උමං මාර්ගවල ද ගැටුම් පැවති බව ඊයේ වාර්තා විය.

ඊශ්‍රායල හමුදාව අද නිවේදනය කළේ, ඊයේ දිනය තුළ ක්‍රියාත්මක වූ ගොඩබිම් ප්‍රහාරවල දී ඊශ්‍රායල සෙබළුන් 11 දෙනෙකු ද ජීවිතක්ෂයට පත් වූ බවයි.

ඔවුන් බොහොමයක් මිය ගොස් ඇත්තේ, යුද ටැංකි නාශක මිසයිල සතුරු පාර්ශ්වයෙන් එල්ල වීමෙන් බව ඊශ්‍රායල හමුදාව සඳහන් කරයි.

ජබාලියා කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයෙන් එහි දැවැන්ත විනාශයක් සිදු ව ඇති අතර, ගොඩනැගිලි සුන්බුන් බවට පත් වී අවට ආවාට රැසක් නිර්මාණය වී තිබේ.

මේ අතර, ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් අඛණ්ඩ ව 26 වැනි දිනටත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වනවිට මිට ගොස් ඇති පිරිස 8,500 අධිකය.

මේ අතර, ඉදිරි දිනවල දී විදෙස් ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනෙකු නිදහස් කිරීමට කටයුතු කරන බව හමාස් සංවිධානය පවසා තිබේ.

එමෙන්ම ගාසා තීරය මහජන සෞඛ්‍ය ව්‍යසනයක් ආසන්නයේ පසු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

ඒ, රෝහල්වල ධාරිතාව ඉක්මවා යාම, ජනතාව අවතැන් වීම සහ ජලය ඇතුළු සනීපාරක්ෂක යටිතල පහසුකම්වලට බාධා එල්ල වීම හේතුවෙනි.

ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ, ඊශ්‍රායල ප්‍රහාරවලට අමතර ව උද්ගත ව ඇති සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් ද මරණ රැසක් වාර්තා වීමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම ළමා මරණ රැසකට විජලනය හේතු විය හැකි බව UNICEF ආයතනය අනතුරු අඟවයි.

මේ අතර, යේමනයේ හූති සටන්කාමීන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව යේමනය ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලය පැවසුවේ, රතු මුහුදේ දර්ශනය වූ හඳුනා නොගත් ගුවන් ඉලක්කයක් විනාශ කළ බවයි.

මේ සමඟ, යේමනයේ සටන්කාමීන් ඊශ්‍රායලයට එරෙහි ව යුද ප්‍රකාශ කර තිබේ.

හූති හමුදා මාධ්‍ය ප්‍රකාශක යයා සරේයා ප්‍රකාශ කළේ, ගාසා තීරයේ පීඩාවට පත් ව සිටින පලස්තීන ජනතාව මුදා ගැනීම වෙනුවෙන් මෙන්ම යේමනයේ ජනතාව ගේ ඉල්ලීම අනුව යේමන හමුදාවට සිය වගකීම් ඉටු කිරීමට සිදු ව ඇති බවයි.

දෙවියන් ගේ උපකාරයෙන් තමන් බැලැස්ටික් සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වුව ද ඊශ්‍රායලය පවසන්නේ, ඔවුන් ගේ වැඩි අවධානයක් යොමු වන්නේ ගාසා තීරයට බවයි.

යේමනයේ හූති සටන්කාමීන් ඊශ්‍රායල – හමාස් සටනට එක් වී ඇත්තේ, ඉරානයේ සහාය ලබන ඊශ්‍රායල ප්‍රතිරෝධී අක්ෂය (axis of resistance ඇක්සිස් ඔෆ් රෙසිස්ටන්)හි පාර්ශ්වයක් ලෙසිනි.

ඊශ්‍රායලයේ සිට සැතපුම් 1000ක් පමණ ඈතින් සානා අගනුවර සිට ජූනි කැරලිකරුවන් මෙම ප්‍රකාශය සිදු කර තිබේ.

යේමනයේ අගනුවර සහ රටේ විශාල තොටක් හූති කැරලිකරුවන් සතු වුව ද අසල්වැසි සෞදි අරාබිය පිළිගන්නේ, එරට පෙරළා දැමූ රජයයි.

යේමන සිවිල් යුද්ධයේ දී හූති කැරලිකරුවන් තමන් ගේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරක හැකියාවන් ප්‍රදර්ශනය කළේ, සෞදි අරාබියට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ප්‍රහාර එල්ල කරමිනි.

කෙසේ නමුත් ඔවුන් යේමනයේ සිට ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කරන්නේ නම්, එම මිසයිල රතු මුහුද ආසන්නයේ බටහිර දිග සෞදි අරාබිය සහ ජෝර්දානය ද පසු කර යා යුතු බැවින් එම රටවලට ද අවදානමක් ඇති කරනු ඇති බව වාර්තා වේ.

මේ අතර, කලාපය තුළ උද්ගත ව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ චිලී රාජ්‍යය සහ කොලොම්බියාව ඊශ්‍රායලයේ සිය තානාපතිවරුන්ට ඉන් ඉවත් වන ලෙසට නිවේදනය කර ඇත.

මේ සමඟ අනෙකුත් ලතින් අමෙරිකානු රටවල් ද ඊශ්‍රායලය සමඟ පවතින සබඳතා අත්හිටුවීමේ සම්භාවිතාවක් පැවති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්