රටවල් 39කට දුන් On Arrival පහසුකම අත්හිටුවයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් වෙනුවෙන් එළඹෙන මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වීසා ඔන් අරයිවල් (Visa on arrival) පහසුකම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

පාස්කු ඉරිදා එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවෙන් අනතුරුව රටෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය නිසා මෙම තීරණය ගෙන තිබේ.

මේ පහසුකම යටතේ ලොව පුරා රටවල් 39 කින් මෙරටට පැමිණෙන සංචාරකයන්ට සිය රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාවලින් වීසා ලබා නොගෙන මෙරටට පැමිණීමෙන් අනතුරුව ගුවන් තොටුපොළේදී වීසා ලබා ගැනීමේ අවස්ථාව හිමිවීමට නියමිතව තිබුණි.