නවතම පුවත්

රටවිරුවන්ට තීරු බදු සහනය මැයි 1දා සිට ඉහළට

අසංක

අසංක

විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණයට ගුවන්තොටුපොලේදී ලබාගත හැකි තීරු බදු සහන ඉහළ දැමීමේ තීරණය මැයි 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව තමන් එවූ මුදල් ප්‍රමාණය මත අතිරේක තීරු බදු සහන ලබාගැනීමට හැකියාව ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඒ අනුව කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ක්‍රියාත්මක වේ.

  • ඩොලර් 2400ත්, 4799ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 600ක අතිරේක තීරු බදු සහනයක්
  • ඩොලර් 4800ත් ඩොලර් 7199ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960ක අතිරේක තීරු බදු සහනයක්
  • ඩොලර් 7200ත් ඩොලර් 11,999ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1440ක අතිරේක තීරු බදු සහනයක්
  • ඩොලර් 12,000ත් ඩොලර් 23,999ත් අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 2400ක අතිරේක තීරු බදු සහනයක්
  • ඩොලර් 24,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4800ක අතිරේක තීරු බදු සහනයක් මේ අනුව ලබාගැනීමට හැකියාව පවතී.

වසරක කාලයක් තුළදී අදාල මුදල් රටට එවා ඇති ඕනෑම අයෙක්ට මෙම සහනය ලබාගැනීමේ අවස්ථාව විවෘතව පවතී.

2022 වසරේ මැයි පළමුවැනිදා සිට නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවූ ශ්‍රමිකයින් සදහා මෙම සහනය ලබාගැනීමට හැකියාව පවති.

වසරක කාලයක් තුළදී එවනු ලැබූ මුදල් ප්‍රමාණය මේ සදහා සලකා බලනු ලැබේ.

මෙම තීරු බදු සහන ඉහළ නැංවීම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී අද (03) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ අමාත්‍යවයරා මේ බව සදහන් කළේය.

“විදේශ ගත ශ්‍රමිකයින් මාසිකව එවනු ලබන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියනය දක්වා ඉහළ නංවාගැනීම තමයි අපේ ඉලක්කය. ඉන්දියාවේ විදේශගත ශ්‍රමිකයින් වාර්ශිකව එවා ඇති විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 100 දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා. එවැනි තත්වයක් තුළ ලංකාවේ විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් මාසිකව ඩොලර් බිලියනක මුදලක් ගෙන්වා ගැනීම අසීරු ඉලක්කයක් නෙමෙයි.

මෙසේ විදේශගත ශ්‍රමිකයින් එවනු ලබන ඩොලර් රට වෙනුවෙන් ප්‍රෙයා්ජනයට ගන්නා බවට සහතික කිරීම සදහා අපි ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. දූෂණ විරෝධී පනත ආණ්ඩුවක් විදියට ගේන්නේ ඒ නිසා. ඵලදායිතා කොමිසමක් හදලා මින් ඉදිරියට එක එක දේශපාලන උවමනාවන් අනුව කුළුණු ගහන්න මුදල් වියදම් කරන එක නතර කරනවා. ආයෝජනවල ඵලදායීතාවය ගැන අවධානය යොමු කිරීමෙන් පසුව පමණයි ඒ ආයෝජන කරන්නේ. විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවා විදේශ විනිමය වශයෙන්  බැංකුවල පවතින මුදල් සදහා කිසිදු බද්දක් අය කරන්නේ නෑ.”

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ ආචාර්ය බී.එච්.පී.කේ. තිලකවීර ඇතුළු රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වානිජ බැංකුවල නියෝජිතයින්ද එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්