නවතම පුවත්

රටේ ආර්ථිකය උඩුයටිකුරු කළ 2022 රටම කෙටියෙන්

අසංක

අසංක

ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික කඩාවැටීමට ‍මුහුණදීමට මෙරට ජනතාවට සිදුවූයේ ගෙවුණු වසරේදී ය. 2022 සැප්තැම්බර් මාසය යනු මෙරට ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ උපරිම උද්ධමනය වාර්තා කරන ලද මාසයයි. මෙම පසුබිම තුළ දී කඩිනමින් කරන ලද වෙනස්කම් සමඟ රජය සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ ප්‍රතිසංස්කරණ මේ වන විට සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කරගෙන ඇත. රටේ උද්ධමන තත්ත්වයන් ද සැලකිය යුතු අන්දමේ නිර්- උද්ධමන මාවතක් කරා මේ වනවිට ප්‍රවේශ වී ඇති බව පෙනී යයි.

2022 වසරේ පළමු භාගයේ දී විනිමය අනුපාතිකය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය විය. ඉන් පසුව ස්ථායීව පවතිමින් 2023 වසරේ මුල් කාලයේ දී විනිමය අනුපාතිකය අතිප්‍රමාණය විය. තවද, විදේශීය ජංගම ගිණුමේ හිඟය මධ්‍යස්ථ මට්ටමක පැවතියේය. නිල සංචිත ප්‍රමාණය ක්‍රමානුකූලව ඉහළ නැංවිණි. එමගින් 2023 වසරේ මාර්තු මාසය ආරම්භයේ සිට විනිමය අනුපාතිකයේ නම්‍යශීලීබව යළි ස්ථාපිත කිරීමට හැකි වී ඇත. අපේක්ෂිත පරිදි විදේශ විනිමය ලැබීම් යථා තත්ත්වයට පත් වීම හා මේ වසර තුළ දී ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම සහ රාජ්‍ය මූල්‍ය අංශයේ පුළුල් ප්‍රතිසංස්කරණ මගින් ඉදිරියේ දී රටේ ආර්ථික අභිවෘද්ධිය ළඟාකර ගැනීම සඳහා මග පෑදෙනු ඇතැයි අපේක්ෂිත බව මහබැංකුව කියයි.

නිදහසින් පසු මෙරට ඉතිහාසය මුළුල්ලේම මෙවැනි සාර්ව ආර්ථික අර්බුද නැවත නැවතත් අත්විඳ ඇත. එහෙත් රටක් වශයෙන් තවමත් අවබෝධ කර ගැනීමට අපොහොසත් වූ බොහෝ පාඩම් පිළිබඳව 2022 වසරේ දී ඇති වූ මෙම සමාජ-ආර්ථික අර්බුදය මගින් අවධාරණය කර ඇති බව මහබැංකුවේ අදහසයි. මෙම ආර්ථීක අර්බුදය මගින් නැවත අවධාරණය කර ඇති කරුණු කිහිපයක් මහබැංකුව සිහිපත් කර දෙයි.

  • දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව
  • නිසි සැලැස්මකින් තොරව සිදු කරනු ලබන ප්‍රතිපත්ති අත්හදා බැලීම්වල අහිත කර බලපෑම්
  • ඉදිරි දැක්මක් නොමැති ජනප්‍රිය ප්‍රතිපත්තිවල අයහපත් සුබසාධන බලපෑම්
  • ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහි ප්‍රමාද වීම්
  • සාක්ෂි පදනම් කරගත් ප්‍රතිපත්ති විශ්ලේෂණ නොසලකා හැරීම්
  • මනාව ස්ථාපිත ආර්ථික මූලධර්ම පිළිබඳ අවධානය යොමු නොකිරීම
  • විශේෂඥ අදහස් නොසලකා හැරීම්වල ඇති පිරිවැය

මෙම පසුබිම තුළ, පසුගිය දශක 7 1/2කට වඩා වැඩි කාලයක් පුරාවට මෙරට ආර්ථිකය තුළ මුල් බැසගත් ව්‍යුහාත්මක ගැටලු විසඳීම සඳහා මේ තීරණාත්මක අවස්ථාවේ දී අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා රජය, මහ බැංකුව සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් සිය සහාය ලබා දිය යුතු බව මහබැංකුව අවධාරණය කරයි. එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුව හොත්, දිගින් දිගට ම මුල්‍ය සහනාධාර ලබා ගැනීමට සිදු වීම, දිගින් දිගට ම විදේශීය ණය මත යැපීම හා ණය ප්‍රතිව්‍යුහගත කරණ ක්‍රියාවලීන්ට යොමු වීමට සිදු වේ. ඒ සමඟ තිරසාර නොවන හා ඉතා අස්ථාවර ආර්ථික ක්‍රියාවලීන් මගින් රට දිගු කාලීන ආර්ථික ප්‍රගතියක් සහ සමෘද්ධිය අත්කර ගැනීම වළක්වයි. එපමණක් නොව, මහජනතාව මත අනවශ්‍ය පීඩනයක් ඇති කරනු ඇත.

එබැවින්, වත්මන් අර්බුදයෙන් අත්මිදීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය තුළ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනෙහි සඳහන් වන ප්‍රතිපත්තීන් ද ඇතුළත්ව ස්ථාවර සහ මනා ලෙස සම්බන්ධීකරණය කළ ප්‍රතිපත්ති ඉදිරි කාලයේ දී යළිත් අර්බුදයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා කාලෝචිත ලෙස ක්‍රියාත්මක කළ යුතු බව මහබැංකුව අවධාරණය කර සිටී.

ගෙවුණු වසරේදී මෙරට ආර්ථිකය හැසිරුණු සහ හැසිරවූ ආකාරය කෙටියෙන් මහබැංකු දත්ත ඔස්සේ පහතින් දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්