රටේ ඖෂධ හිඟයක් නැහැ , අනවශ්‍ය කලබල එපා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි මාස 3ක කාලය සඳහා ප්‍රමාණවත් ඖෂධ තොග රජයේ රෝහල් සතු බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, පෞද්ගලික අංශයට ඖෂධ ගෙන්වීමේදී මතුව ඇති ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කරන බවයි.

මේ අතර, පැරසිටමෝල් ඖෂධය නිෂ්පාදනය වේගවත් කරන්නැයි අදාළ සමාගම් වෙත උපදෙස් දී තිබේ.

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ, පැතිර යන රෝගී තත්ත්වයන් කිහිපයක් හේතුවෙන්, පැරසිටමෝල් ඉල්ලුම් ඉහළ ගොස් ඇති බවයි.

පැරසිටමෝල් තොග වශයෙන් ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද, ඔහු පවසයි.