ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය සම්භන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය හා ඉන්දියාවේ ප්‍රධාන පෙලේ දේශපාලඥයින් කිහිපදෙනෙකු අතර විශේෂ සාකච්ජාවක් අද දින තමිල්නාඩුවේදී පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තාවේ.
මේ වනවිට ද්‍රවිඩ ජාතික සංධානයේ නියෝජිතවරුන් කිහිපදෙනෙකු ඉන්දියාවේ සංචාරයක නිරතවන අතර එම සංචාරය අතරතුරදී ඉන්දියාවේ දේශපාලනඥයින් සමග මෙවැනි සාකච්ජා කිහිපයක්ම පැවැත්වීමට නියමිතව ඇත.
මෙරට ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳවද මෙහිදී වැදගත් කරුණු රැසක් සාක්ස්ච්ජාවට බඳුන් වනු ඇති බවටද තොරතුරු වාර්තාවේ.
මේ අතර මේ දිනවල අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඉන්දියාව බලා ගොස් සිටින ද්‍රවිඩ ජාතික සන්ධාන නායක ආර් සම්භාන්ධන් මහතාද මෙම සාකච්ජාවන්ට එක්වීමට ඉඩ ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.