නවතම පුවත්

රටේ සාමය බිඳ දමන්නන්ට විරුද්ධව දැඩි පියවර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රටේ සාමය බිඳ දමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්ෂක අංශ වෙත පවරා දී ඇති බවත් නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්ෂක අංශ සියළු පියවර ගනිමින් සිටින බව අගමැතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

රටේ සාමය ආරක්ෂා කිරීමට පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට සහය ලබා දෙන ලෙස අගමැතිවරයා සියලු දෙනාගෙන ඉල්ලා සිටිනවා.” වයඹ පළාතේ ස්ථාන කිහිපයක මේ කණ්ඩායම් කලබල ඇති කිරීමට උත්සාහ කළා. දේපොළ හානි කළා. දැන් පොලිසියත්, ආරක්ෂක හමුදාවත් ඒ තත්ත්වය මැඩපවත්වා තිබෙනවා. තවත් තැන තැන කලබල ඇති කිරීමට මේ කණ්ඩායම් උත්සාහ කරනවා. මේ අවස්ථාවේ කලබල ඇති කිරීමේ අරමුණ පොලිසිය සහ ආරක්ෂ ක හමුදා අපහසුතාවයට පත් කිරීමයි. ජන ජීවිතය කඩාකප්පල් කිරීම හා රට අස්ථාවර කිරීමයි. මේ නිසා රට පුරා ඇදිරි නීතිය පනවන්නට රජය තීරණය කළා.

නමුත් රටේ සාමය බිඳ වැටී ජාතිවාදී ප්‍රශ්න ඇති වුවහොත් රට අස්ථාවර වන බවත් මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා ආරක්ෂක අංශවලට තම විමර්ශන කටයුතු නිසියාකාරව සිදු කිරීමට බාධා පැමිණෙන බව අගමැතිවරයා සදහන් කරනවා. තැන තැන කලබල ඇති වීමේ ප්‍රතිපලය වන්නේ වෙසක් උත්සවයත් කඩා කප්පල් වීමයි.ඉකුත් පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව සිදුකරනු ලබන විමර්ශන කටයුතු ආරක්ෂක අංශ විසින් සාරතකව සිදුකරමින් පවතින බවත් එයට සම්බන්ධ බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සදහන් කර සිටිනවා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි