නවතම පුවත්

රටේ සියයට 60කගේ ආදායම පහළට – අමතර ආදායමක් සොයාගෙන ඇත්තේ සියයට 6 ක් පමණයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආර්ථික අර්බුදය හමුවේ මෙරට පවුල්වල ආදායම දැඩි ලෙස අඩුවුව ද ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ සියයට 7 ක් පමණක් බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි.

සමීක්ෂණයට අනුව මෙරට පවුල් සියයට 60 යි දශම 5 ක මාසික ආදායම පහළ ගොස් තිබෙනවා.

පවුල්වලින් සියයට 91 ක සාමාන්‍ය මාසික වියදම ද ඉහළ ගොස් ඇති බවයි එහිදී හෙළිවී ඇත්තේ. මාසික වියදම වැඩි වූ පවුල් අතරින් සියයට 99 යි දශම එකකගේ ආහාර වියදම ඉහළ ගොස් තිබෙනවා.

සියයට 83 කගේ ඉහළ ගොස් ඇත්තේ ගමනාගමන වියදමයි.

කෙසේවෙතත් අදායම පහළගිය පවුල්වලින් සියයට 73 යි දශම 6ක් සිය ආදායම වැඩිකර ගැනීම වෙනුවෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැතිවීම ද කැපී පෙනෙන තත්ත්වයක්. අදායම අඩූවූ පවුල් ඒ වෙනුවෙන් සිදුකර ඇත්තේ ණය ලබාගැනීම, උකස් කිරීම, වෙකත් පුද්ගලයින්ගෙන් ආහාර හෝ මුදල් ඉල්ලා ගැනීම පමණයි.

ආදායම් වැඩිකර ගැනීමට අමතර අදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇත්තේ සියයට 6 යි දශම 6 ක් පමණක් බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙරට පවුල්වලින් සියයට 22 ක් ණය බරින් පීඩිත ව සිටින අතර වයස අවුරුදු 3ත්  21 ත් අතර සියයට 54 යි දශම 9 කගේ අධ්‍යාපනයට ද ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑම් එල්ලවී තිබෙනවා.

ඒ අතරින් සියයට 53 යි දශම 2 ක් ලිපිද්‍රව්‍යවලට සිදුකරන වියදම අවම කර හෝ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමෙන් වැළකී සිටින බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.

සියයට 44 ක් අලුත් නිල ඇඳුම් මිලදී ගැනීම කපාහැර ඇති බව ද එහිදී හෙළිව ඇති තවත් කරුණක්.

ආර්ථික අර්බුදය හේතුවෙන් සියයට 29 ක පමණ විවිධ රෝගයන්ට ගොදුරු වී තිබෙනවා.

කෙසේවෙතත් ඉන් සියයට 7 ක් සෞඛ්‍ය ප්‍රතිකාර ගන්නා ක්‍රියාපටිපාටිය වෙනස් කර ඇති බවයි අනාවරණයවී ඇත්තේ.

ඊට මූලික හේතුව ලෙස සියයට 81 යි දශම 7 සඳහන් කර ඇත්තේ මුදල් නොමැතිකමයි.ඔවුන් අතරින් ද සියයට 35 යි දශම එකක් ප්‍රතිකාර ගන්නා ස්ථානය වෙනස් කර තිබෙනවා.

සියයට 33 යි දශම 9 ක් රෝගය උත්සන්න වූ පසු පමණක් ඖෂධ ගැනීමට පෙළඹී තිබුණා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්