නවතම පුවත්

රට තුල ඔමික්‍රෝන් ව්‍යාප්තිය වේගවත් වේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට වේගයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රෝන් පත්වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා අනතුරු අඟවා සිටී .

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය

“ඔමික්‍රෝන් සංඛ්‍යාව 250ත් 270ත් අතර වාර්තාවීමකට යටත් වෙනවා. මේ වෙද්දි සක්‍රීයව රෝහල්වල ප්‍රතිකාර ගන්නා සංඛ්‍යාව දළ වශයෙන් 5,400ක් වගේ වෙනවා. ඇඳවල් ධාරිතාවයෙන් 40%ක පමණ රෝගීන් දැන් ප්‍රතිකාර ලබාගන්නවා. රෝහල්ගතවීම 10% වගේ ඉහළ ගිහින්. දෛනික ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව 8%කින් වැඩිවෙලා. ඉදිරියේදී එන්නත් සම්බන්ධයෙන් නීති රාමුවක් තුළ කටයුතු කරන්න බලාපොරොත්තුවෙනවා.”

මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් වන BA.1 ආසාදිතවූවන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරති.

ඒ අනුව එම ආසාදිතයින් කොළඹ, වැල්ලම්පිටිය, බොරලැස්ගමුව, අවිස්සාවේල්ල, හෝමාගම, කටුගොඩ, මඩපාත, පාදුක්ක, පරකුඩාව යන ප්‍රදේශවලින් හඳුනාගෙන තිබේ.

එමෙන්ම ඔමික්‍රොන්හි තවත් අනු ප්‍රභේදයක් වන BA.2 ආසාදිතවූවන්ද ප්‍රදේශ රැසකින්ම වාර්තා වී තිබුණි.

ඒ, කොළඹ, කොළොන්නාව, ගල්කිස්ස, නුගේගොඩ, අවිස්සාවේල්ල, ගාල්ල, බදුල්ල යන ප්‍රදේශවලිනි.

මෙරටින් වාර්තා වන එම BA.2 නම් අනු ප්‍රභේදය එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය විසින් සැලකිය යුතු මට්ටමේ කාණ්ඩයට ඇතුළත් කළ අනු ප්‍රභේදයක්වීමද විශේෂත්වයකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය ඒ බව තහවුරු කළේය.

මේ අතර මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව සිව්වන දිනටත් ඊයේ 800 සීමාව ඉක්මවා ගොස් තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්