ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීමත් සමඟ තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ(IMF) විස්තීරණ ණය පහසුකම ලබාගැනීමට අදාළ එකඟතා ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
මේ අනුව ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කරන බව ජනාධිපතිවරයා කියා සිටියේ ජාතිය අමතා සිය විශේෂ ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.
පළමු වටයට අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ සහ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ පළමු වටයට ඇතුළත් වන බව ජනාධිපතිවරයා කියයි.
ජනාධිපතිවරයා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය පහතින්.