නවතම පුවත්

ඇල්ලවල ඇල්ලේ නාන්න ගිය තරුණයින් 3ක් අතුරුදන් – අයකුගේ සිරුර හමුවෙයි

අසංක

අසංක

කල්මුණේ සහ සයින්දමරුදු සිට විනෝද චාරිකාවක් පැමිණි තරුණයින් 10 දෙනෙකුගේ කණ්ඩායමක් වැල්ලවායේ පිහිටි ඇල්ලවල ඇල්ලේ දිය නාමින් සිටියදී ඒ අයගෙන් සිව් දෙනෙක් අද (21) උදෑසන දියේ ගිලී අතුරුදන්ව ඇත.

අවුරුදු විසි දෙකත් විසි තුනක් අතර පසුවන මෙම තරුණයින් සිව් දෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් අද දහවල් වන විට සොයා ගෙන තිබුණි.

සෙසු තරුණයින් සිව් දෙනාගේ සිරුරු සොයා කිමිදුම්කරුවන් යොදා පොලීසිය සහ ගම්වැසියන් එක්ව මෙහෙයුමක් දියත් කළද අධික වර්ෂාව හේතුවෙන් ඊට දැඩි සේ බාධා එල්ලවී තිබුණි.

දෙස් විදෙස් සංචාරකයන්ගේ වඩාත් ආකාර්ශනයට ලක්ව ඇති ස්ථානයක් වන ඇල්ලවල ඇල්ලට බිලිවී අසාමාන්‍ය ලෙස ජීවිත රැසක් මේ වන විට නැති වී තිබෙන බව පොලීසිය කියයි.

ඒ නිසාම 2022 වසරේ මාර්තු 03 වෙනිදා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම ඇල්ල පිහිටි ප්‍රදේශය සංචාරකයන්ට තහනම් කලාපයක් බවටද පත්කරනු ලැබීය. ඒ ඒ වන විට මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ඇල්ලේ දියනෑමට ගොස් 13 දෙනෙක් දියේ ගිලී මියගොස් තිබුණි.

කාතන්කුඩියේ සිට පැමිණි පියෙක් සහ දරුවන් දෙදෙනෙක් 2021 වසරේ ඔක්තෝබර් මාසයේදී ඇල්ලේ දිය නෑමට ගොස් දියේ ගිලී මිය යාමක් මුල්කරගෙන වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් විසින් ඇල්ලවල ප්‍රදේශය සංචාරකයන්ට තහනම් කලාපයක් බවට පත්කරනු ලැබීය. ඒ ඊට පෙර කදානෙන් පැමිණි සංචාරකයින් පිරිසක් අතර සිටි තරුණයෙක් ඇතුළු තවත් කිහිප දෙනෙකු ඇල්ලේ ගිලී මිය යාම සැළකිල්ලට ගෙනය.

අනතුරුව නැවතත් කෙටි කලකින් සංචාරකයන්ට මෙම ඇල්ල නැරඹිමට විවෘත කරනු ලබන්නේ ඇල්ලේ බැස දිය නෑම තහනම් කරමිනි. එම තහනම නොතකා මෙහි සුන්දරත්වය රස විදීමට පැමිණෙන පිරිස් ඇල්ලේ දිය නෑමට ගොස් 2022 වසරේ මාර්තු 01 වෙනිදා අක්කරෙයිපත්තුවේ සිට පැමිණි සංචාරකයින් පිරිසක් අතර සිටි තරුණයින් දෙදෙනෙක්ද 2022 වසරේ පෙබරවාරි 05 වෙනිදා ගාල්ලේ සිට පැමිණි 03 දෙනෙක්ද දියේ ගිලී මිය ගොස් තිබුණි.

දිගින් දිගටම සිදුවන මෙම මරණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්කාර්යාලය විසින් 2022 වසරේ මාර්තු 03 වෙනිදා සිට මෙම ඇල්ල ප්‍රදේශය සංචාරකයන්ට තහනම් කලාපයක් බවට පත්කරනු ලැබී අදාල ගම්වැසියන්ගේත් සංචාරකයන්ගේත් ඉල්ලීම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නැවතත් මෙම ඇල්ල පිහිටි ප්‍රදේශයට සංචාරකයන්ට පැමිණිමට විවෘතකරනු ලබන්නේ 2022 සැත්තැම්බර් 06 වෙනිදාය.

ඒ දිය නෑමට හැකි සීමා ලකුණුකර විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කිරීමෙන් අනතුරුවය. ඒ ගැන සංචාරකයන්ව ඇල්ල පිහිටි ප්‍රදේශයට ඇතුළු වන ස්ථානයේ සිට මඟ දෙපස භාෂා ත්‍රිත්වයෙන්ම පුවරු මගින් දැනුවත්කර ඇතත් එම උපදෙස් සහ දැනුවත් කිරීම් ගැන අවධානයකට යොමුනොකර දිය නෑමට ගොස් අද (21) සිව් දෙනා දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය කියයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්