නවතම පුවත්

රට පුරා  අදත් මහ වැසි නායයාම් – ගංවතුර – අකුණු අවදානම්

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

රට පුරා ප්‍රදේශ ගණනාවකට අද (09) පස්වරු 7 පමණ වනතෙක් අධික වැසි ඇදහැලෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

දිවයිනේ වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.

ඊට අමතරව උතුරු පළාත, මාතලේ , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්, ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

ඊයේ (08) පස්වරු 7.00 ට නිකුත් කළ තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනය මගින් දන්වා තිබුණේ ඉදිරි පැය 24 තුළදී මෙම අධික වැසි තත්ත්වය පවතින බවයි.

මේ අතර කැලණි ගඟ ද්‍රෝණියේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ ,කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල පහත් බිම් ආශ්‍රිතව අද (09) පෙරවරුවේ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවැසීය.

පසුගිය පැය 24 තුළ ලැබී ඇති වර්ෂාපතනය හේතුවෙන් කුකුලේ ගඟේ හා කුඩා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.

එම තත්ත්වය මත කළු ගඟ ද්‍රෝණියේ බුලත්සිංහල, බදුරලිය, පාලින්දනුවර, මිල්ලණිය, හොරණ, දොඩංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ හා කළු ගඟ ගංවතුර නිම්නයට අයත් පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. අත්තනගලු ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් තිබේ.

නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය බ්ලැක්පුල් ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ඊයේ සවස විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිට තිබුණි.

නුවරඑලිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගයට පස් කන්ද කඩා වැටී ඇත.

නුවරඑලිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද කොටසින් කොටස ඉවත් කර රථ වාහන ගමනා ගමනයට එක් මංතිරුවක් විවෘත කර තිබුණි.

මේ අතර ඉදිරියේ දී ගංවතුර අවදානමක් ඇති වුවහොත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා බටහිර සහ දකුණු නාවික විධානයන් තුළ වහා ක්‍රියාත්මක වීමට නාවික හමුදා සහන කණ්ඩායම් 35ක් සූදානමින් සිටී.

ඒ අනුව ඇති විය හැකි ගං වතුර අවධානමට පෙර සුදානමක් වශයෙන් බටහිර නාවික විධානය මගින් ආපදා සහන කණ්ඩායම් තුනක් රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථානගත කර ඇත.

ක්ෂණිකව ස්ථානගත කිරීම සඳහා තවත් අමතර සහන කණ්ඩායම් 24ක් බටහිර නාවික විධානයෙහි සූදානමින් තබා ඇත.

එමෙන්ම, දකුණු නාවික විධානය මගින් ද සහන කණ්ඩායමක් (01) උඩුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උඩලමත්ත ප්‍රදේශයේ ස්ථානගත කර ඇත.

ක්ෂණිකව ස්ථාන ගත කිරීම සඳහා තවත් අමතර ගංවතුර ආපදා සහන කණ්ඩායම් 07ක් දකුණු නාවික විධානයෙහි සූදානමින් තබා ඇත.

තවද, දිවයිනට බලපා ඇති මෙම අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත සහන කණ්ඩායම් කඩිනමින් යෙදවීමට නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්