නවතම පුවත්

රට මුහුණදෙන ආර්ථික අර්බුදයේ තරම , මුදල් ඇමති හෙළිකරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සියලුම රජයන් යැපුම් මානසිකත්වය මත මිනිස්සුන්ට බිලී පිත්තක් දෙනවා වෙනුවට මාළු කෑල්ලක් ලබා දීලා ඒ වෙලාවේ සන්තෝෂම් ලබාදීලා කාලයක් තිස්සේ ණය බරිත කරපු එකේ ප්‍රථිපලය අද වන විට අපි භුක්ති විදිමින් සිටින බව මුදල් අමාත්‍ය අලී සබ්රි ප්‍රකාශ කර සිටිනවා.

මෙරට වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

2021 වසරේ මෙරට සමස්ත ආදායම රුපියල් බිලියන 1500ක් වූ බවත් වියදම රුපියල් බිලියන 3522ක් බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියා. රජයේ වියදම් වලින් බිලියන 2748ක් පුනරාවර්ථන වියදම් ලෙස සඳහන් වන බවත් ඉන් බිලියන 825ක් වැටුප් සඳහා ද, විශ්‍රාම වැටුප්, අබාධිත සෙබළුන් සඳහා වියදම්, පාසැල් නිළ ඇඳුම්, පාසැල් පෙළ පොත් සඳහා රුපියල් බිලියන 595ක් වියදම් කර ඇති බවයි.

1981 වර්ෂයේ සිට රජයේ දළ දේශීය ආදායමෙන් සීයයට 24-23ක් ලෙස පැවති බදු අදායම් ලෙස පැවතියද ක්‍රමයෙන් එය මේ වන විට අඩුවී 2021 වසර වන විට බදු අදායම සීයයට 8.6ක් දක්වා අඩුවී ඇති බව මුදල් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මේ වන විට රජය විසින් ගෙවීමට තිබෙන සමස්ත විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 51ක් බවත් පසුගිය වසර දෙක තුලදී රජය ණය ලබා නොගත්තා ද ඩොලර් බිලියන 08ක මුදලක් ණය වාරික සහ ණය පොලි වශයෙන් ගෙවා ඇති බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියා.

පසුගිය වසර 2-3 තුලදී රජයක් වශයෙන් බදු අඩු කිරීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නොයෑම, ඩොලරය අල්ලා ගෙන සිටීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ප්‍රමාද කිරීම වැනි වරදවල් සිදුකර ඇති බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

පසුගිය වසරේ ඉදිරිපත් කළ අයවැය වෙනුවට ඉතා ඉක්මනින් අලුත් අයවැයක් ගේන්න කටයුතු කරන බවත් බදු ආදායම සීයයට 15ක් දක්වා වැඩි කර ගන්න අවශ්‍ය බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවසුවත් නැතත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නගා ගන්න තීරණ ගන්න අවශ්‍ය බව පැවසූ මුදල් අමාත්‍යවරයා, නැත්නම් හැමදාම යැපුම් ආර්ථිකය මත ණය අරන් ජීවත්විය නොහැකි බවයි කියා සිටියේ.

මේ වන විට ශ්‍රී ලංකාව ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ඉන්දියාවෙන් ණය ආධාර ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් ඉන් ඉදිරියට රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ක්‍රමවේදයක් සුදානම් කර ගත යුතු බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.

“මම කරන්නේ නයිට්වොච්මන් ජොබ් එකක්. මම කරන්නේ පසුපෙළ ඉදන් ඇවිල්ලා ඉදිරි පෙළ ආරක්ෂා කරන එක. මම ආර්ථික විශේෂඥයෙක් නෙමෙයි. කවුරු හරි ආර්ථික විශේෂඥයෙක් ඉන්නවා නම් ඇවිත්, මේක භාර ගන්න.” මුදල් අමාත්‍යවරයා සිය ප්‍රකාශයේ දී සඳහන් කර සිටියා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්