විදේශගතවීමේදී නිකුත් කරනු ලබන නිෂ්කාශන වාර්තා කඩිනමින් ලබාගත හැකි වන පරිදි පුද්ගල අනන්‍යතා තොරතුරු හුවමාරු කරගැනීමේ ගිවිසුමක් පොලිස් දෙපාර්තමේන්තුව හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අතර අත්සන් තබා තිබේ.
ඒ අනුව ඊට අදාළ ගිවිසුමට වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් පී.වී.ගුණතිලක යන මහත්වරුන් විසින් පසුගියදා අත්සන් තබන ලදී.
මේ අනුව නව ගිවිසුම යටතේ නිෂ්කාශන වාර්තා ලබාගැනීමේදී මෙතෙක් සිදුවූ ප්‍රමාදය ඉදිරියේ දී වැලැක්වේ.

