“රට යන අත” ගැන ජනතාව අසතුටෙන් – සමීක්‍ෂණයකින් හෙළිවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වෙරිටේ රිසර්ච් ආයතනය , මේ වන විට මෙරට ජනතාව රට ගැන සිතන ආකාරය සහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනමත විමසුමක් සිදු කර ඇත.

එම ජන මත විමසුමට අනුව මේ මොහොතේ ශ්‍රී ලංකාවේ කටයුතු සිදු වෙමින් පවතින ආකාරය පිළිබඳ ඔබ සෑහීමකට පත්වනවාද? නැද්ද? යන්න යන ප්‍රශ්ණයට සෑහීමකට පත් වෙමි යන පිළිතුර ලබා දී ඇත්තේ සියයට 6ක් පමනි

ආර්ථිකය පිළිබඳ ඇති විශ්වාසය ඝෘණ 82.96ක් බව එම වාර්තාවේ සඳහන්. රටේ පවතින ආර්ථික තත්ත්වය හා එහි ගමන් පථය පිළිබඳ බහුවරණ ප්‍රශ්ණ මගින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙ. . එහි ලකුණු සෘණ සියයේ සිට ධන සියය දක්වා පවතින අතර එය බින්දුවට වඩා වැඩි ලකුණු අගයක් නම් එයින් දැක්වෙන්නේ, බොහෝ මිනිසුන් ආර්ථික තත්ත්වය ධනාත්මකව දකින බව යැයි, අදාල වාර්තාවේ සඳහන්.

ඉකුත් ජනවාරී මාසයේදී රට පුරා සිටින වැඩිහිටියන් 1,021 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙ.

එම සමීක්‍ෂණ  වාර්තාව පහත දැක්වේ .