රට වටේ මුහුදේ මළ මුහුදු කලාප අවදානමක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආශ්‍රිතව “මළ මුහුදු කලාප” ඇතිවීමේ අවදානමක් පවතිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අනාවරණය කර සිටී.


මළ මුහුදු කලාපයක් යනු ඔක්සිජන් සාන්ද්‍රණය අඩු, විෂ වායු වැඩි, ජීවින්ගෙන් තොර මුහුදු ප්‍රදේශයක් වන අතර අවිධිමත් ධීවර කටයුතු හා පරිසර දූෂණය හේතුවෙන්මෙ මෙම තත්වය ඇතිවන බවද අධිකාරිය සඳහන් කර සිටී.


මළ මුහුදු කලාප මෙරට මුහුදු තීරයේ නිර්මාණය වුවහොත් එමගින් සාගර පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල විය හැක.


මෑතකදී ශ්‍රී ලංකාවට ඊසාන දිගින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ද මෙවැනි මළ මුහුදු කලාපයක් නිර්මාණය වී පැතිරෙන බව සොයා ගැනිණ