රට වසාදැමීමේ තීරණයක් ගෙන නෑ – රජය

Picture of අසංක

අසංක

කොචිඩ්‌-19 වෛරසයේ නව ප්‍රභේදයක්‌ රට තුළ වාර්තා වීමත්‌ සමග රට සම්පූර්ණයෙන්‌ වසාදැමීම සම්බන්ධව රජය මේ වනතෙක්‌ කිසිදු තීරණයක්‌ ගෙන නොමැති බව කොචිඩ්‌-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල්‌ ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම්‌ දෙයි.

රටම වසාදැමීමට තීරණය කර ඇති බවට වන පුවත්‌ සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි.

එමෙන්ම, කොචිඩ්‌-19 වෛරසයේ නව ප්‍රභේදය රට තුළ චිවිධ ප්‍රදේශවලින් වාර්තා වීම හා එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන්‌ වාර්තා වීම පිළිබඳ රජය දැඩි අවධානයෙන්‌ පසුවන අතර,ඉදිරියේදී මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්‌ ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ග සෞඛ්‍ය අංශ උපදෙස්‌ පරිදි ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරනු ඇති බව රජය නිවේදනය කර ඇත.