රට ආරක්‍ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම් රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙන බවක් පෙනෙන්නට ඇති බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.
වත්මන් රජය ගැන ජනතාවගේ සිත් තුළ ගොඩනැගී තිබූ බලාපොරොත්තු සුන්ගොවෙමින්ස් පවතින බවක්ද දක්නට ඇති බව රකාදිනල්තුමෝ සඳහන් කළහ.
‘යහපාලනය’, ‘සෞභාග්‍යයේ දැක්ම’ ආදී කුමන තේමාවකින් බලයට පැමිණියත් ඒ සියලුම රජයන් කර ඇත්තේ පාවාදීම් පමණක් බවද බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අගරදගුරුතුමන් පැවසූහ .
වර්තමානයේ රට පවතින තත්වය සම්බන්ධයෙන් කණගාටු වන බව කී කොළඹ අගදරගුරුතුමෝ රට ගමන් කරන්නේ කුමන දිශාවකටද, රටේ තීන්දු තීරණ ගන්නේ සහ පාලනය කරන්නේ කවුද යන්න ගැන ගැටලුවක් මතුව තිබෙන බව ද පැවසූහ.
තිබෙන සම්පත් විකුණාදැමීම පහසු නමුත් දියුණුව යනු රටේ සම්පත් සියල්ල විකුණා දැමීම නොවන බවත්, මේ අවස්ථාවේ රටේ භූමිය වෙනත් රටවලට පූජා කරන්නට එපා යැයි රජයෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.