නවතම පුවත්

රට වේගවත් ලෙස සංවර්ධනය කිරිමට නම් රටේ බුද්ධි ගලනය අත්‍යවශයෙන්ම පාලනය කල යුතුයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රට වේගවත් ලෙස සංවර්ධනය කිරිමට නම් බුද්ධි ගලනය අත්‍යවශයෙන්ම පාලනය කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සහතික වන්නේ නම් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා විදෙස් සිසුන් ද ආකර්ශනය කරගත හැකි බවත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය රට වෙනුවෙන් විදේශ විනිමය උපයන මාර්ගයක් බවට පරිවර්තනය කළ හැකි බව.්  ජනාධිපතිවරයා කියා සිටියේය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල  ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2019 උපාධි ප්‍රදානෝත්සවයට ඊයේ  (10) පස්වරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.විද්‍යාර්ථයින් එක් දහස් දෙසිය අසු දෙදෙනෙකුට උපාධි පිරිනැමිණ. දර්ශනපති උපාධි ලාභියෙකු ඇතුළු පශ්චාත් සහ විද්‍යාපති උපාධිධාරිහු 224 දෙනෙක් ඔවුන් අතර වෙති. ප්‍රථම උපාධිධාරින් ගණන 1057 කි.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය රට තුළ පමණක් නොව කලාපයටම ආදර්ශමත් උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත්විය යුතු බව  ජනාධිපතිවරයා සඳහන් කළේය.නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුළ පරිවර්තනීය බලපෑමක් ඇති කර තිබේ. එය සෑමවිටම ආරක්ෂා කළයුතුය.  පෞද්ගලික අධ්‍යාපනය සඳහා මූල්‍යමය ශක්තිය පවතින අයට විදෙස්ගත නොවී උසස් අධ්‍යාපනය ලබා ගැනීමට  අවකාශය ලබාදිය යුතු බව  ජනාධිපතිවරයා කියා සිටියේය.

image-51
බොලිවුඩ් ජයගත් ජැක්ලීන් හොලිවුඩයට !
image-49
ප්‍රභාකරන්ගේ දියණිය AI තාක්ෂණයෙන් ව්‍යාජව මතුවේ !
image-48
පිළිකා එන්නතෙනුත් කෝටි 11ක් වංචා කරලා !
image-47
රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගතකිරීමක් !
1111-2
විදේශ සේවාවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක්!
occ
‍IMF දෙවැනි වාරිකයට අවශ්‍ය ණය සහතිකයට එකඟතාව ලැබෙයි
economy sri lanka
ණයහිමියන්ගෙන් ශ්‍රී ලංකාවට සහනයක්
deshabandu thennakoon
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
Ranil_Wickremesinghe
ශ්‍රී ලංකාව 'හරිත ආර්ථිකයක්' කරා !
image-45
ලන්දේසීන් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි මෙරටට ගෙනේ !