නවතම පුවත්

රතු කුරුසයෙන් තවත් සමාජ සත්කාරයක්.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙවර ලෝක ගුරු දිනය සැමරීම අ‍ර්ථවත් කරමින් මරණින් පසු සිය ඇස් හා ශරීර පටක දන්දීම සදහා පොරොන්දු පත්‍ර ලබා ගැනිමේ වැඩ සටහනක් පසුගියදා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය විද්‍යාලයේ දී පැවැත්වුණි.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජ කොළඹ ශාඛාව, හා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය රතු කුරුස කවය එක්ව මෙය සංවිධානය කර තිබුණි.

මෙහි දී පුද්ගලයන් (150)එකසිය පනහකට ආසන්න පිරිසක් සිය ශරීර කොටස් මරණයෙන් පසු දන් දීම සඳහා පොරොන්දු පත්‍ර අත්සන් කළහ.ඒ.අනුව ඇස් දන්දීම සදහා දායකයින් අනූඅට දෙනෙක් ද (98) ශරීර පටක දන් දීම සදහා දායකයින් (48) හතලිස් අට දෙනෙක් ද එම පොරොන්දු පත්‍ර අත්සන් කළ බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කොළඹ ශාඛාව පවසයි.

මීට සමගාමීව නොමිලේ පැවැත්වූ වෛද්‍ය සායනයට එම පාසලේ ගුරු භවතුන්දෙසීයකට (200) ආසන්න වෛද්‍ය පරීක්ෂණ සඳහා එක් වූ බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කොළඹ ශාඛාව පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්