ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා අද පස්වරුවේ නිල වශයෙන් ප්රකාශයට පත්කිරීමට නියමිතයි.
ඒ ගාලුමුවදොර දී අද පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මහ සමුලුවේදීය.
දූෂණ වංචාවලින් තොර, දේශපාලන පරිණතභාවයක් ඇති පිරිසිදු චරිතයක් ඇති ජනතාවට ‘කැතක් නැතුව ඡන්දය දිය හැකි’ පුද්ගලයකු අද නම් කරන බව ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවැසීය.
නව බලවේගය සමග තරුණ, ආගමික, විද්වත් සංවිධාන රැසක් ඒකාබද්ධව සිටින බව ද හෙතෙම පවසා තිබුණි.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නාමල් කරුණාරත්න මහතා තිබුණේ අද දිනයේදී ‘නියම රියල් පොරක්’ නම් කිරීමට නියමිත බවයි.