පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ලබාදුන් දුරකථන සංවාද හඬපට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත ලබාදීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදි එකඟතාව පළ වී තිබේ.
ඒ ජාතික ආරක්ෂාවට හානිවන සහ අසත්‍ය කරුණු ඉන් ඉවත් කිරීමෙන් පසුව බවට එහිදී තීන්දු වී ඇත.
අද පස්වරු 02.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා විසින් පසුගියදා දුරකථන සංවාද ඇතුළත් හඬපට සහිත සීඩී තැටියක් පාර්ලිමේන්තුවට දු
අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර එහිදී අදාළ හඬපට දැනට මන්ත්‍රිවරුන් වෙත නිකුත් නොකිරීමට තීරණයවී තිබේ.
රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා ලබාදුන් දුරකථන හඬපටවල නොගැලපෙන වචන ඉවත් කර ඒවා නැවත කථානායකවරයා විසින් පරීක්ෂාකර බලා මන්ත්‍රිවරුන්ට ලබාදීම සිදුකරනු ඇත.