නවතම පුවත්

විනිසුරු අත්අඩංගුවට නොගත්තේ මන්දැයි නීතිපති වැ.පොලිස්පතිගෙන් විමසයි

අසංක

අසංක

තම උපදෙස් දුන් පරිදි විනිසුරු ගිහාන් පිලපිටිය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග නොගත් කරුණු දක්වන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට දැනුම් දෙයි.

නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරී රාජ්‍ය අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මේ බව දැනුම් දුන්නාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක ඇමතුම් සංවාද හඬපටවලින් විනිසුරු ගිහාන් පිලපිටියගේ හඬ මතුවීම හා නඩු විභාග කිහිපයක් සම්බන්ධයෙන් එම සංවාද මගින් කතාබහ කිරීම නිසා විනිසුරු අධිකරණ වරෙන්තුවක් මගින් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර තිබුණි.

නමුත් වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමට කමිටුවක් පත්කොට විනිසුරුවරයා අත්අඩංගුවට නොගැනීමට පියවර ගත්තේය.

මීට වසර කිහිපයකට පෙර නඩු තීන්දු සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගෙන් බලපෑම් ඇති බවට විනිසුරුවරයා විසින් පොලිස් පැමිණිල්ලක් යොදා තිබූ නමුත් ඒ පිළිබඳ විමර්ශන සිදුනොවීම පිළිබඳ එහිදී කමිටුව විසින් සැළකිල්ලට ගෙන තිබුණි.

විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතා රැල්ලක් ද ඇතිවීමේ සූදානමක් පිළිබඳ ද එවකට වාර්තා විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්