රන්ජන් වෙනුවෙන් සාක්ෂි දෙන්න ජනපතිට උසාවි යන්න වෙයිද?

Picture of අසංක

අසංක

අධිකරණ අපහාස කරන ලදැයි තමාට එරෙහිව පවරා තිබෙන නඩුවේ සාක්ෂි ලබාදීම සදහා රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සාක්ෂිකරුවන් 42නෙකු‌ෙගේ නම් ලැයිස්තුවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අද ඉදිරිපත් කර තිබේ.

අදාළ සාක්ෂිකරුවන් අධිකරණය හමුවට කැදවීමට අවසර ඉල්ලමින් රන්ජන් රාමනායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම නම් ලැයිස්තුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

එම සාක්ෂිකරුවන් අතර ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, අධිකරණ සේවා කොමිශන් සභාවේ ලේකම්වරයා, පුවත්පත් කතුවරුන්, විද්‍යුත් නාළිකා ප්‍රධානීන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සිටිති.

රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පවරා තිබෙන නඩුව ලබන මාර්තු 26 වැනිදා යළි කැදවීමට නියමිත ය.

කූඨ ලේඛනයක් සකස් කරන ලදැයි එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ඉහත අවස්ථා ගණනාවකදීද කැදවනු ලැබුවද ඔහු සාක්ෂි ලබාදීමට අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

ඉෂාර රත්නකාර