රන් දැන් ගණන් හිඟයකුත් මතුවෙලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

මේ වනවිට දේශීය වෙළඳපොල තුළ රන් පවුමක මිල රුපියල් 124,000 දක්වා ඉහළ ගොස් තිබෙන අතර .ඒ හේතුවෙන් රත්රන් හිඟයක්ද වෙළඳ පොළ තුල මතුවෙමින් ඇති බව වාර්තාවේ

ඊට හේතු වී තිබෙන්නේ රන් ආභරණ නිෂ්පාදකයන් ඔවුන් සතු රත්රන් තොග සඟවා තබා ගනිමින් සීමිත ප්‍රමාණයක් පමණක් වෙළඳපොලට නිදහස් කිරීමය .

. රජය මගින් පනවා ඇති සීමා හේතුවෙන් රත්රන් ආනයනය සීමා වී ඇති අතර රට තුළ පවතින රත්රන් තොග සඟවා තබා ගැනීමට එය හේතුකාරක වී ඇත .

කෙසේ නමුත් රජයේ පාර්ශ්වය පවසන්නෙ මෙම හිගය තාවකාලික වන බවය . රන් ආනයනය සඳහා බලය ඇති එකම නියෝජිතයා වන මහ බැංකුව ඉදිරියේදී රටට අවශ්‍ය රත්රන් ආනයනය කිරීමට කටයුතු කරන බවත්, ඒ අනුව දැනට මතුව ඇති හිගය පහව යනු ඇති බවත් රජය පවසයි .. ඒ අනුව ඉදිරියේදී රන් මිල නැවත පහත වැටෙනු ඇති බවද රජය පවසයි