ප්‍රකෝටිපති ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි මහතා සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින විශේෂ සාකච්ඡා පවත්වා ඇත
කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය හා සුළං බලාගාර ව්‍යාපෘති ඇතුළු අදානි සමාගමේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව ඇති බව සඳහන් ය.
ශ්‍රි ලංකා ජනාධිපතිවරයා හමුවීමට ලැබීම ගෞරවයක් බවත් එම හමුවේ දී ශ්‍රි ලංකාවේ ආකර්ශණීය ව්‍යාපෘති මාලාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට හැකිවූ බවත් ගෞතම් අදානි මහතා සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණි.