නවතම පුවත්

රනිල් අද සිට යළිත් පාර්ලිමේන්තු එයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම මන්ත්‍රී ආසනය සඳහා අද (23) එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කෙරිණි. වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

එක්සත් ජාතික පක්‍ෂයට ලැබුණු  මන්ත්‍රී ධුරය සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කිරීම දිගින් දිගටම කල් දැමුණු අතර අවසානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා පත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අද යළිත් පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගත්තේ මාස 15 කට වැඩි කාලයකට පසුවය.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂයේ ඉදිරිපෙළ 13 වන ආසනය වෙන් කර ඇති අතර ඒ මහතාට හිමි අසුනට වම් පසින් පිහිටි අසුන වෙන් කර ඇත්තේ දෙමළ ජාතික සංවිධානයේ නායක ආර් සම්පන්දන් මහතාටයි . දකුණු පසින් පිහිටි 12 වන අසුන පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ට වෙන් කර තිබෙ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්