වහාම ක්‍රියාත්මක වන පරිදි රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක බැවින් එම ප්‍රදේශය හරහා ගමන් ගනු ලබන වාහන සඳහා විකල්ප මාර්ග යොදා ගන්නා ලෙස පොලිසිය දැනුම් දෙයි.
අද දහවල් සිට විරෝධතාකරුවන් මාර්ග හරස් කරමින් පැවැත්වූ විරෝධතා හේතුවෙන් රඹුක්කන නගරය උණුසුම් තත්ත්වයක් හටගැනුණු අතර එහිදී විරෝධතාකරුවන් විසුරුවීමට පොලීසිය කදුලු ගෑස් සහ වෙඩි තැබීමක් ද කර තිබූණි.
එහිදී අයෙක් මියගොස් තිබු අතර තවත් තුවාලකරුවන් පිරිසක් රෝහල්ගත කර ඇත.