නවතම පුවත්

ශ්‍රී ලංකාවට සහය දෙන්නැයි ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

, ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කර ඇත .

නිර්මලා සීතාරාම් මහත්මිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය අතර වොෂින්ටන් නුවරදී ඊයේ (18) පැවති සාකච්ජාවේදී මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ .

ශ්‍රී ලංකාව වර්තමානයේ දී මුහුණ දී තිබෙන ආර්ථික තත්ත්වයට ඉන්දියාව ලබාදෙන සහාය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ජාවට ලක්වී ඇත .

ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය අතර සාකච්ඡාවක් ද ඊයේ දින පැවැත්වුනු අතර මුදල්අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ හ.

ශ්‍රී ලංකාවට ශීඝ්‍ර මූල්‍ය පහසුකමක් (ආර්.එෆ්.අයි. – RFI) ලබාදෙන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කරුණු ඉදිරිපත් කරන බව ඉන්දියාව මුදල් අමාත්‍යවරිය මෙහිදීද අලි සබ්‍රි මහතාට පවසා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්