රහස් පොලීසියේ විශේෂ අංශයක් භාරව සිටි ලොක්කෙක් පවුල එක්කම රට පැනලා

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයක් භාර ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා සිය බිරිද සහ දරුවන් සමග අද සවස රටින් පිටව ගොස් තිබේ.

ඔහු දේශපාලන රැකවරණ පතා ස්විට්සට්ර්ලන්තය වෙත ගොස් සිටින බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් කිහිපදෙනෙක් මේ අයුරින් රටින් පිටව යාමේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග අනාවරණය කළේය.