රහස් ‌පොලීසියට රයන් ‌හෙළිකළ ‌දේ

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

තමන් මීට ‌පෙර ඩුබායි ගියවිට මාකදුරේ මධූෂ් දැනහදුනා‌ෙගෙන තිබූ බව රයන් වෑන් අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ පවසා තිබේ.

පසුගිය ‌නොවැම්බරයේදී තමන් ඩුබායි ගිය අවස්ථාවේදී මධූෂ් විසින් ‌මෙම උපන් දින සාදයට ගීත ගායනා කිරීම සදහා තමාට ආරාධනා කළ බව ද රයන් පවසා ඇත.

මෙම සාදයේදී ගීත ගායනය ‌වෙනුවෙන් තමන්ට ඩිරාම් 2000ක ‌හෙවත් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ‌දෙන බවට ඔහු ‌පොරොන්දු වූයේ යැයි ද ‌හෙතෙම පවසා තිබේ.

ඒම උපන් දින සාදය සුපිරි සාදයක් බවත් ‌ලොව ‌මිලෙන් අධිකතම මත්පැන් වර්ග ඒහි තිබූ බවත් රුපියල් ලක්ෂ 2-3කට වඩා මිලෙන් අධික මත්පැන් පවා සාදයේ තිබූ බව ද රයන් රහස් ‌පොලිස් නිලධාරීන්ට පවසා ඇත.