නවතම පුවත්

රාජකාරිය කළ පොලිස් නිලධාරියාට තර්ජනය කළ බස් රියදුරුට වෙච්ච දේ..

අසංක

අසංක

රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුව වාහනයකට යටකර මරාදමන බවට රියදුරෙක් විසින් කරනු ලබන තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් වූ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන්නේ දැඩි අවධානයට එය යොමුකරමිනි.

වැලිකඩ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු විසින් අපරික්ෂාකාරීව මගීන් රැගෙන ගමන් කළ බස් රථ රියදුරෙකුට එරෙහිව එ සම්බන්ධයෙන් සහ වැරදි ලෙස මාර්ගයේ වාහනයක් නතර කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එම නිලධාරියාට එවන් මරණ තර්ජනයක් එල්ලවී තිබුණි.

එම පොලිස් නිලධාරියා වැලිකඩ පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටින්නෙකි. මෙම සිදුවීම වී ඇත්තේ රාජගිරිය දේවස්ථානය ඉදිරිපිට ඇති බස් නැවතුම් පොළ ආසන්නයේ දීය. මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ ඒ කෙරෙහි ඉහළ පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමුවීමත් සමඟ වැලිකඩ පොලීසියේ නිලධාරීන් ඊයේ එම බස් රථ රියදුරුව අත්අඩංගුවට ගත්තේය.

එම රියදුරා මහරගම නීලම්මහරේ පදිංචිකරුවෙකි. 176 මගී බස් රථයක රියදුරෙක් වන ඔහුව අද අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්