රාජගිරියේ අනතුර ගැන පාඨලීට අධිචෝදනා

Picture of අසංක

අසංක

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.

ඒ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මෙම පැමිණිල්ල අද (24) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත.

මේ පිළිබඳ විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවට දන්වා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් බවයි.