රාජ්‍ය ඇමතිවරු 37ක් දිවුරති

Picture of අසංක

අසංක

රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනකු අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති කාර්යාලයේදී එලෙස දිවුරුම් දුන් සියලු රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ පහත දැක්වේ.

1 ජගත් පුෂ්පකුමාර මැතිතුමා – විදේශ රැකියා ප්‍රවර්ධන

2 රංජිත් සියඹලාපිටිය මැතිතුමා – මුදල්

3 ලසන්ත අලගියවන්න මැතිතුමා – ප්‍රවාහන

4 දිලුම් අමුණුගම මැතිතුමා – ආ‍යෝජන ප්‍රවර්ධන

5 කනක හේරත් මැතිතුමා – තාක්ෂණ

6 ජානක වක්කුඹුර මැතිතුමා – පළාත් සභා හා පළාත් පාලන

7 ශෙහාන් සේමසිංහ මැතිතුමා – මුදල්

8 මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මැතිතුමා- කෘෂිකර්ම

9 තේනුක විදානගමගේ මැතිතුමා – නාගරික සංවර්ධන හා නිවාස

10 ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා – ආරක්ෂක

11 රෝහණ දිසානායක මැතිතුමා – ක්‍රීඩා හා යෞවන කටයුතු

12 අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා – නාගරික සංවර්ධන හා නිවාස

13 විජිත බේරුගොඩ මැතිතුමා – පිරිවෙන් අධ්‍යාපන

14 ලොහාන් රත්වත්ත මැතිතුමා – වැවිලි කර්මාන්ත

15 තාරක බාලසූරිය මැතිතුමා – විදේශ කටයුතු

16 ඉන්දික අනුරුද්ධ මැතිතුමා – විදුලිබල හා බලශක්ති

17 සනත් නිශාන්ත මැතිතුමා – ජල සම්පාදන

18 සිරිපාල ගමලත් මැතිතුමා- මහාමාර්ග

19 ශාන්ත බණ්ඩාර මැතිතුමා – ජනමාධ්‍ය

20 අනුරාධ ජයරත්න මැතිතුමා – අධිකරණ හා බන්ධනාගාර කටයුතු

21 එස්. වියාලේන්ද්‍රන් මැතිතුමා – වෙළඳ

22 සිසිර ජයකොඩි මැතිතුමා – දේශීය වෛද්‍ය

23 පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා – ධීවර

24 ප්‍රසන්න රණවීර මැතිතුමා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන

25 ඩී.වී. චානක මැතිතුමා – වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ

26 ඩී.බී. හේරත් මැතිතුමා – පශු සම්පත් සංවර්ධන

27 ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා – වාරිමාර්ග

28 විශේෂඥ වෛද්‍ය සීතා අ‍රඹේපොල මැතිතුමිය -සෞඛ්‍ය

29 කාදර් කාදර් මස්තාන් මැතිතුමා – ග්‍රාමීය ආර්ථික

30 අශෝක ප්‍රියන්ත මැතිතුමා – ස්වදේශ කටයුතු

31 අරවින්ද් කුමාර් මැතිතුමා – අධ්‍යාපන

32 ගීතා කුමාරසිංහ මැතිතුමිය – කාන්තා හා ළමා කටයුතු

33 සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මැතිතුමා – ග්‍රාමීය මාර්ග සංවර්ධන

34 ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් මැතිතුමා – උසස් අධ්‍යාපන

35 ඩයනා ගමගේ මැතිතුමිය – සංචාරක

36 චාමර සම්පත් දසනායක මැතිතුමා – ප්‍රාථමික කර්මාන්ත

37 අනූප පියුම් පස්කුවල් මැතිතුමා – සමාජ සවිබලගැන්වීම්