රාජ්‍ය ආයතනවල ජනපතිගෙ ෆොටෝ බිත්තියේ එල්ලීම තහනම් – රාජ්‍ය ලාංඡනය පමණයි

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ රුව සහිත ඡායාරූප පළකිරීමෙන් වළකින ලෙසත් ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස නව ජනාධිපතිවරයා ලෙසා තේරි පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

මෙතෙක් පැවැති සම්ප්‍රදාය වූයේ සියලුම රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයා හා ඒ ඒ අමාත්‍යාංශ භාර අමාත්‍යවරයා, නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරයාගේ ඡායාරූප ඒ ඒ ආයතනවල පිවිසෙන ස්ථානයේ සුදුසු තැනක ප්‍රදර්ශනය කිරීමයි.