රාජ්‍ය ආයතනවල වංචා හොයන කමිටුව හමුවට අකිලත්

Picture of අසංක

අසංක

වත්මන් රජය සමයේ රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස , අධ්‍යාපන අමාත්‍යවරයාට නොතිසි නිකුත් කර ඇත.

ඒ අනුව ලබන 11 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස , අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට නොතිසි නිකුත් කර ඇති බව වාර්තාවේ.

අමාත්‍යවරයාගෙන් සාක්ෂි විමසීම සඳහා ඊයේ ජනපති කොමිසම හමුවේ, පෙනී සිටින්නැයි, දැනුම් දී තිබුණ ද, සිය මව අසනීප බව දන්වමින් ඔහු එහි පෙනී නොසිටි බව එම කොමිසම සඳහන කර සිටී