රාජ්‍ය ආයතන දෙකක සභාපති ධූරය කිෂූ ගෝමස්ට

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයෙකු වන කිෂූ ගෝමස් මහතා පත් කර තිබේ.

සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් අදාළ පත්වීමේ ලිපිය ඊයේ (06) දින කිෂූ ගෝමස් මහතා වෙත පිරිනමනු ලැබීය.

ලොව ප්‍රමුඛතම බහුජාතික සමාගමක් වන ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් හි මෙරට සමාගම වූ ෂෙව්රොන් ලුබ්රිකන්ට් ලංකා පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ කිෂූ ගෝමස් මහතා එම සමාගමේ සියලු තනතුරුවලින් පසුගිය 2018 වසරේ මැයි මාසයේ දී ඉවත්විය.

පැතුම් වික්‍රමරත්න