නවතම පුවත්

රාජ්‍ය ඇමති ලේකම් යැයි පෙන්නා මැනිං මාකට් කඩ විකුණූ අය කොටුවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නාලක ගොඩහේවා මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් නාගරික සංවර්ධන අධිකාරියට අයත් බංගලා සහ තානායම් සහ පෑලියගොඩ මැනිං වෙළද පොලේ පිහිටි කඩ කාමර ව්‍යාපාර කටයුතු සදහා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකිරීම්වල නිරතව සිටි පුද්ගලයෙක් ඇතුළු තිදෙනෙක් වාණීජ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක්ද සිටින්නීය. ඇය රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ දේශපාලනික කටයුතුවල නිරතව සිටි ක්‍රියා කාරිණියකි. නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති නාගරික ජනාවාස අධිකාරියේ ඇය උපදේශිකාවක් ලෙසද කටයුතුකර ඇත. මෙම වංචාවට ඇය සම්බන්ධ බව දැනගත් වහාම රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා විසින් ඇයගේ තනතුර අහෝසිකර ඇයට එරෙහිව නීතිය ක්‍රියාතමක කරන ලෙස වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනුම් දී තිබේ.

මෙම කාන්තාව ගණේමුල්ලේ පදිංචිකාරියක් වන අතර හිටි හැටියේම ධනවත් වූ තැනැත්තියක් බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ට ලද තොරතුරකට අනුව පොලිස්පතිවරයාට කළ ලිඛිත පැමිණිල්ලක් මත මෙම විමර්ශනය සිදුව ඇත. අනෙත් පුද්ගලයා ප්‍රසිද්ධ ගිනිකෙළි භාණ්ඩ නාමයක් හිමි රතිඤ්ඤා කම්හලක හිමිකරුවෙකි.

මෙම ඡාවාරමේ ප්‍රධාන සැකකරු ප්‍රංශයේ වැඩි කාලයක් ජීවත්වන පුද්ගලයෙකි. වත්තල මාබෝලේ පිහිටි ප්‍රධාන පෙලේ අවමංගල්‍ය ශාලාවක හිමිකරුවෙකුගේ ඥාතියෙක් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මේ පුද්ගලයාගේ නම හා රාජ්‍ය ඇමතිවරයාගේ පුද්ගලික ලේකම්ගේ නම එක හා සමාන බැවින් මෙම වංචාව ඔහු විසින් ඉතා සූක්ෂම ලෙස කරගෙන ගොස් ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. අමාත්‍යාංශයේ ලිපි ලේඛන පවා මේ සදහා ව්‍යාජ ලෙස සකස්කර යොදා ගෙන ඇති බවද පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මැනිං පොදු වෙළද පොලේ කඩකාමර රැසක් සදහා ඔවුන් විසින් ව්‍යාජ ලෙස ඔප්පු පවා සකස්කර තිබී පොලීසියට හමුවී තිබේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පැතුම් වික්‍රමරත්න

මාරාන්තික ඉබෝලා වෛරසය කාණ්ඩයට අයත් “මාබර්ග්” නමැති  නව මාරාන්තික  වෛරස් රෝගයක් මේවනවිට  අප්‍රිකානු ගිනියා රාජ්‍යය ආශ්‍රිතව පැතිරෙමින් ඇති බව  වාර්තා වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටි.

මෙම මාබර්ග් වෛරසයෙන් මරණයට පත්වීමේ සම්භාවිතාව 88% ක් තරම් ඉහළ අගයක පවතින බවයද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත

පසුගිය අගෝස්තු 02 වනදා රෝගාතුරව මියගිය ගිනියා ජාතික පුද්ගලයෙකුගේ රුධිර සාම්පල වලින් මෙම වෛරසය හමුවූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත .

එම වෛරසයේ  පැතිරීම වැළැක්වීම සඳහා වහා  පියවර ගත යුතු බවද  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ කාර්යාලය  ප්‍රකාශ කර ඇත .

මෙම වෛරසය කොරෝනා වෛරසය මෙන් වවුලන්ගෙන් සහ වඳුරන් ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙස සලකනු ලබන අතර වෛරසය මිනිසාගෙන් මිනිසාට මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති බවද  ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත .

මාබර්ග් රෝග ලක්‍ෂණ ලෙස අධික උණ සහ මාංශ පේශි වේදනාව ප්‍රධාන වන අතර ඇතැම් රෝගීන් ගේඇස් සහ කන් වැනි ශරීර විවරයන් තුළින් රුධිරය ගැලීම සිදුවන බවටද  හඳුනාගෙන ඇත .

මෙම වෛරසය ආසාදනය වීමේ බීජෞෂණ කාලය දින 2 – 21ක් පවතින බවද ලෝක සෞඛ්‍ය   සංවිධානය සඳහන් කර ඇත ..

මෙම නව වෛරසය මතුව ඇත්තේ යළිත් වරක් මතුවූ ඉබෝලා වෛරසයෙන් පිඩා විදි ගිනියා රාජ්‍ය ඉන් නිදහස් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර මාස දෙකකට පසුව වීමද විශේෂත්වයකි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්