කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් රථය මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරමින් සිටියදී ජල පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.
එම රථයේ ජනේල තුළින් පිටතට යාන්තමින් පැන තමන් ජීවිතය බේරාගත් බව රාජ්‍ය අමාත්‍යවරයා කීය. අනතුරින් ඇමැතිවරයාට හෝ කිසිවකුටත් තුවාල සිදුව නොමැත.
බිබිල මැදගම ප්‍රදේශයේ පැවැති උත්සව කීපයකට සහභාගී වී මොනරාගල දක්වා ගමන් කරමින් සිටියදී රාජ්‍ය අමාත්‍යවරයා පෙරේදා (21) පස්වරුවේ මෙම අනතුරට මුහුණ පා තිබේ.
අධිකවර්ෂාවත් සමග පුබ්බාර ඔයේ ජලමට්ටම ඉහළ ගොස් ඇති අතර සපත්තු පාලමෙන් ගමන් කරද්දී ඩිෆෙන්ඩර් රථය සමග ඇමැතිවරයා ගසාගෙන ගොස් ඇත්තේ හදිසියේ ආ විශාල ජල පහරකට හසුවීමෙනි.
එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස මැදිහත් වී අමාත්‍යවරයා ගමන්ගත් වාහනය බේරාගෙන තිබේ.