නවතම පුවත්

රාජ්‍ය බුද්ධි සේවාවේ නව ප්‍රධානි රුවන් කුලතුංග

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රාජ්‍ය බුද්ධි සේවාවේ නව ප‍්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංග පත්කර තිබෙනවා.

ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින්. නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්ගේ ඉල්ලා අස්වීමෙන් එම තනතුර පුරප්පාඩු වුණා.

නව තනතුරට පත් කෙරුණු මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංග ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායක ලෙස කටයුතු කළා. එම තනතුර සඳහා මේජර් ජෙනරාල් ප‍්‍රභාත් දෙමටම්පිටිය අලුතින් පත්කර තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවාවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඉකුත් 8 වැනිදා සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා. ඒ, සෞඛ්‍ය හේතුන් මතයි.

නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට පෙර පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ද ලබා දුන්නා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්