රාජ්‍ය මාධ්‍ය අධ්‍යයනය වෙනුවෙන් රජය පත්කළ කමිටුවේ සාමාජිකයින් සිව් දෙනෙකුම ඉල්ලා අස්වීම හේතුවෙන් එම කමිටුවේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.
රාජ්‍ය මාධ්‍ය මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත් කිරීම සඳහා අවශ්‍ය කරුණු අධ්‍යයන කිරීම මෙම කමිටුවට පැවරුණු ප්‍රධාන කාර්යභාරය වේ. කෙසේවෙතත් එම කමිටු සාමාජිකයින් වූ මහාචාර්ය ජයදේව උයන්ගොඩ, සුදර්ශන ගුණවර්ධන, අනෝමා රාජකරුණා සහ කෞශල්‍යා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් මෙසේ ඉල්ලා අස්වීම හේතුවෙන් එහි ක්‍රියාකාරීත්වය මේ වනවිට ඇනහිට ඇත.
සාමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත පත්කරනු ලැබූ මෙම කමිටුවේ මේ වනවිට ඉතිරිව ඇත්තේ එහි සභාපති විජයානන්ද ජයවීර මහතා හා නාලක ගුණවර්ධන මහතා හා අචාර්ය ප්‍රදීප් වීරසිංහ මහතා පමණි.
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අදාළ කමිටුව පත් කරනු ලැබුවේ පසුගිය ජනවාරි මස 31 වැනිදාය
පැතුම් වික්‍රමරත්න