නවතම පුවත්

රාජ්‍ය සේවකයන්ට ප්‍රථම වරට MORE වට්ටම් කාඩ්පතක්

Roshan

Roshan

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂ 15ක් පමණ වන සේවකයන් ඉලක්ක කරගන්මින් රාජ්‍ය සේවකයන් සඳහාම MORE Discount නමින් විශේෂිත වට්ටම් කාඩ් පතක් MORE Discount ආයතනය විසින් හඳුන්වා දී ඇත.

මෙම MORE වට්ටම් කාඩ් පත භාවිත කරමින් 100කට අධික වෙළෙඳ ආයතනවලින් 5% සිට 50% ක් දක්වා අත්පිට වට්ටම් ලබාගැනීමේ හැකියාව රාජ්‍ය සේවකයන්ට ලැබෙන අතර, වසර 2ක් පුරා කිසිදු සීමාවකින් තොරව මෙම වට්ටම් ලබාගැනීමට කාඩ්පත් හිමියාට හා ඔහුගේ පවුලේ සාමාජියන්ට අවස්ථාව හිමිවේ.

රාජ්‍ය සේවකයන් සඳහා මෙලෙස වෙළෙඳ ආයතන රැසක එකතුවෙන් වට්ටම් කාඩ්පතක් හඳුන්වා දෙන ශ්‍රී ලංකාවේ පළමු වතාව මෙය වේ.

සුපිරි වෙළෙඳ සැල්, ඇඟලුම් ආයතන, පාවහන්, ආභරණ, රෝහල් හා සෞඛ්‍ය පහසුකම්, ගේදොර උපාංග, වාහන හා වාහන සේවා කටයුතු, මූල්‍ය සේවා, පාසල් පොත් හා ලිපි ද්‍රව්‍ය, ළමා උපකරණ, රූපලාවන්‍ය කටයුතු හා තවත් අංශ රැසක් ආවරණය වන පරිදි මෙම MORE Discount කාඩ් පතින් වට්ටම් ලබාගැනීමේ හැකියාව කාඩ්පත් හිමියාට ඇත.

මේ පිළිබඳ වැඩි තොරතුරු www.morecard.lk  හෝ දුරකතන අංක 0113 031232 මඟින් ලබාගත හැකිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්