නවතම පුවත්

රාජ්‍ය සේවා බඳවාගැනීම් ඉන්ධන දීමනා සීමා කරන්න මුදල් ඇමතිගෙන් උපදෙස්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

රාජ්‍ය සේවය සඳහා අත්‍යාවශ්‍ය නොවන බදවාගැනීම් නතර කරන ලෙස මුදල් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් දුන් බව සම-කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

එමෙන්ම අමාත්‍යංශ හෝ දෙපාර්තමේන්තු කාර්යමණ්ඩල සඳහා නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති වකවානුවක ඉන්ධන දීමනා වැනි දැනට අනවශ්‍ය දීමනා ලබාදෙන්නේ නම් ඒවා පිළිබදව ද අවධානය යොමු කරන ලෙසටත් උපදෙස් දී ඇති බවත් මෙලෙස දැඩි මූල්‍ය විනයක් පවත්වාගැනීමට කටයුතු කරන ලෙසද පැවසූ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කීය

රට මූල්‍යමය වශයෙන් අපහසු කාලසීමාවක් පසුකරන අවස්ථාවේ දැඩි මූල්‍ය විනයක් පවත්වාගත යුතු බවත් එය සෑම කෙනෙකුම සිදුකළ යුතු කටයුත්තක් බවද හෙතෙම කීය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි

පවතින මූල්‍ය තත්ත්වය සැළකිල්ලට ගනිමින් දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන රජයේ මූල්‍ය තත්ත්වය කළමනාකරණය කරගැනීම උදෙසා යෝජනාවන් කිහිපයක් ඉදිරිපත් කළ බවද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

ඒ අනූව පසුගිය අයවැය ලේඛණයෙන් ඉදිරිපත් කරන ලද දැනටමත් වැඩ අරඹා නොමැති ව්‍යාපෘති ඇතිනම් ඒවා මෙම වසර තුළදී මූල්‍යමය වශයෙන් ඉදිරියට ගෙනයාමට නොහැකි නම්,එම වැඩසටහන් පිළිබදව නැවත ප්‍රගති සමාලෝචනයක් කර තීන්දුවක් ගන්නා ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටි බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්